න්‍යෂ්ඨික ප්‍රහාරයකට උත්සහ දරන බවට රුසියාවෙන් ඇමරිකාවට චෝදනා

න්‍යෂ්ඨික ප්‍රහාරයකට උත්සහ දරන බවට රුසියාවෙන් ඇමරිකාවට චෝදනා

ඇමරිකාව විසින් සිය රටට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පෙරහුරු අභ්‍යාස වල නිරත වූ බවට රුසියාව චෝදනා කරනවා.

ඇමරිකානු ග්ලෝබල් තන්ඩර් හමුදා අභ්‍යාසය අතරතුර යුද ගුවන් යානා 10ක් විසින් බටහිර හා නැගෙනහිර ප්‍රදේශ වලදී මෙම න්‍යෂ්ඨික අවි පෙරහුරු අභ්‍යාසයේ නිරත වී ඇති බවටයි රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි සොයිගු චෝදනා කළේ.

රුසියානු රජය මෙලෙස චෝදනා කරන්නේ සිය අසල්වැසි රාජ්‍යයක් වන යුක්රේනය හා ඇමරිකාව අතර මතුව ඇති මතභේදකාරී පරිසරයක වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ආදළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනය ප්‍රකාශ කළේ සිය හමුදා අභ්‍යාස ජාත්‍යන්තර නීති රීති වලට අනුකූලව ප්‍රසිද්ධියේ සිදුකළ ඒවා බවයි.

Share This