
නව විදුලි පනත ජුනි මස කැබිනට් මණ්ඩලයට
නව විදුලිබල පනත නීතිමය සහතික කිරීම් වෙනුවෙන් සහ පරිවර්තනය කටයුතු වෙනුවෙන් නීති සම්පාදක දෙපාර්තම්න්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ නව විදුලිබල පනත සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව සහ ප‍්‍රතිව්‍යුහගත කිරීම සදහා පහසුකම් සපයන සංවර්ධන නියෝජිත ආයතනවල නීති සහ බලශක්ති උපදේශකයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදියී.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ කලින් සැලසුම් කල කාලරාමුව, කමිටු නියෝජිතයන් සහ ක්ෂේත‍්‍රයේ පාර්ශවකරුවන් විසින් කරන ලද නිරීක්ෂණ මත වෙනස්වූ අතර සංශෝධන සහිත නව පනත ලබන ජුනි මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.