
නවසීලන්ත ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් තරගය ඇරඹෙයි
නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3 කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ඔක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක‍්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසි නවසිලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර පන්දුවාර 32 ක් අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 160ක් ලබා සිටිනවා.
2023 අයි.සී.සී එක්දින ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නම් ශ‍්‍රී ලංකාවට මෙම එක්දින තරගාවලිය ජය ගැනීම අනිවාර්ය වනවා.