
නවසීලන්තයට එරෙහිව වේග පන්දු යවන්නන් තිදෙනක්
නවසිලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සදහා වේග පන්දු යවන්නන් තිදෙනෙකු යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ටෙස්ට කි‍්‍රකට් නායක දිමුත් කරුණාරත්න සදහන් කළා.
නවසිලන්තයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ කසුන් රාජිත, විශ්ව ප‍්‍රනාන්දු සහ අසිත ප‍්‍රනාන්දු පළමු තරගය සදහා එක්කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් හෙට දිනයේ යළි ක‍්‍රයිස්චර්ච්හි ඕවල් ක්‍රිඩාංගණයේ තණතීරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවසන් සංචිතය ප‍්‍රකාශයට පත් කරන බවද දිමුත් කරුණාරත්න ප‍්‍රකාශ කළා.
මේ අතර ශ් ලංකාව සමග පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රි ඩා කරන නවසිලන්ත සංචිතය අද ප‍්‍රකාශයට පත් කළා.
ක‍්‍රීඩකයින් 13 දෙනෙක්ගෙන් සමන්විත එම සංචිතයේ නායකයා ලෙස වේග පන්දු යවන ක‍්‍රීඩක ටීම් සවුති කටයුතු කරනවා.
තරග දෙකකින් සමන්විත ටේස්ට් තරගාවලියේ පළමු තරගය බ‍්‍රහස්පතින්දා මෙරට වේලාවෙන් අඵයම 3.30 ට ක‍්‍රයිස්චර්ච්හිදී ආරම්භ වීමට නියමිතයි.