
නවසීලන්තයට අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය අහිමි වෙයි.
ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරඟය පරාජය වීමත් සමඟ නවසීලන්ත කණ්ඩායම අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය අහිමි වී තිබෙනවා.
නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්ත කණ්ඩායම පළමු ස්ථානයට පැමිණ ඇති අතර නවසීලන්ත කණ්ඩායමට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි.
ඉන්දීය කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ තුන්වන ස්ථානයේ සිටි ඕස්ටේ්රලියානු කණ්ඩායම සිව්වන ස්ථානය දක්වා පහළ දමමින්.