නවසිලන්ත පාර්ලිමේන්තුවටත් ටික් ටොක් තහනමක්

නවසිලන්ත පාර්ලිමේන්තුවටත් ටික් ටොක් තහනමක්

නවසිලන්ත පාර්ලිමේන්තුව හා සම්බන්ධ උපාංග හරහා ටික්ටොක් යෙදවුම වෙත පිවිසීම තහනම් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවක් හේතුවෙන් නවසිලන්තය මෙම තීරණයට එළඹ ඇති බවයි.

මීට පෙර ඉන්දියාව ඇමෙරිකාව, කැනඩාව, ඇතුළු රටවල් කිහිපයක්ද චීනයේ ඩාන්ස් බයිට් සමාගම විසින් හඳුන්වාදී ඇති මෙම යෙදවුම තහනම් කරනු ලැබුවා.

ටික්ටොක් යෙදවුම ලොව රටවල් 150ක පමණ භාවිත කෙරෙන අතර ලොව පුරා බිලියනයක් පමණ ග‍්‍රාහකයින් සංඛ්‍යාවක් එම මෙවලම හා සම්බන්ධව සිටිනවා. 

Share This