නරඹන්න පැය 5ක් ගතවන මැදපෙරදිග විවෘත වූ “දිය මන්දිරය”

නරඹන්න පැය 5ක් ගතවන මැදපෙරදිග විවෘත වූ “දිය මන්දිරය”

මින් මැදුරක් කිව්වම සාමාන්‍යයෙන් අපිට මතක් වෙන රූපය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න අබුඩාබි ඉන්ජිනේරුවන් සමත් වෙලා තියෙනවා.

Aquarium 2-1637324741064
මින් මැදුර නැරඹීමට පැමිණි සංචාරකයන්

ඒ, දැනට මැදපෙරදිග කලාපයක දැවැන්තම මින් මැදුර විවෘත කරමින්.

“අබුඩාබි ජාතික මින් මැදුර” තුළ ජීවීන් විශේෂ 330කට අයත් සත්වයින් 46,000කට අධික සංඛ්‍යාවක් දැකගත හැකි බවයි සඳහන් කර ඇත්තේ.

Aquarium 4-1637324748307
කැපිබරා සතෙකුට මින් මැදුරේ සේවකයෙකු ආහාර ලබාදෙන අවස්ථාවක්

ජාතික මින්මැදුරේ සාමාන්‍යාධිකාරී සහ ව්‍යාපෘති කළමනාකරු ලෙස කටයුතු කරන පෝල් හැමිල්ටන් අදහස් දක්වමින් කියා සිටියේ, මෙම මින් මැදුරේ අරමුණ අබුඩාබි නගරයේ උරුමයන් සහ, සතුන් පිළිබඳ දක්වන බැඳීම පෙන්වීම බවයි.

Aquarium 12-1637324737719
පෝල් හැමිල්ටන්

“එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාව සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම්, සෑම විටම මුහුද සමඟ, ගොඩබිමේ වෘක්ෂලතා හා සත්ත්ව විශේෂ සමඟ ඉතා සමීපව සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙම මින්මැදුරේ අරමුණත්, එය ලෝකයට පිළිබිඹු කර පෙන්වීමයි”

Aquarium 3-1637324745274
මසුන් ආසන්නයටම ගොස් නැරඹීමට හැකියාව තිබීම

මිනිසුන්ට විනෝදාස්වාදයක් ගෙන ඒම වගේම, වඳවීගෙන යන සත්ත්ව විශේෂයන් ආරක්ෂා කර ගැනීමත් මෙහිදී සිදුවීම විශේෂත්වයක්.

Aquarium 6-1637324754477
මින් මැදුරේ ඉන්නේ මාළු විතරක් නම් නෙවෙයි – මේ ඉන්නේ ලෝකයේ ලොකුම සර්පයෙක්

කොටස් 10කට වෙන් කර ඇති මෙම සම්පූර්ණ මින්මැදුර නැරඹීමට පැය 5කට වඩා වැඩි කාලයක් ගත වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Share This