නයිජර් පාලන බලය එරට හමුදාව යටතට.

නයිජර් පාලන බලය එරට හමුදාව යටතට.

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි පාලන බලය එරට හමුදාව යටතට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනතාව අමතමින් ආරක්ෂක අංශ මේ බව දැනුම් දී ඇති බවයි.

ඒ අනුව එරට තුළ ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසුරුවාහැර සියලු‍ ආයතන අත්හිටුවා ඇති බව නයිජර් හමුදාව ප්‍රකශ කර තිබෙනවා.

එමෙන්ම එරට ජනාධිපති මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතනවලට සම්පූර්ණයෙන් මුද්‍රා තැබීමට හමුදාව පියවර ගෙන ඇති අතර නයිජර් රාජ්‍යයේ කර්නල් මේජර් අමදු අබ්ද්‍රමනේ ඇතුළු හමුදා ප්‍රධානීන් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිවරයා ප්‍රමුඛ රෙජීමයේ පාලන කාලය අවසන් කළ බවයි.

මේ අතර එරට දේශසීමා මායිම් වසා දමා, නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පනවන බව ද හමුදා ප්‍රධානීන් දැනුම් දී තිබෙනවා.

ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, රට තුළ ආරක්ෂාව අඛණ්ඩව පිරිහීම, දුර්වල ආර්ථික හා සමාජ පාලනය පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රෙජීමය අවසන් කිරීමට තීරණය කළ බවයි.

මේ වන විට නයිජර්හි ජනාධිපති මොහොමඩ් බසූම් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බවයි එරටින් ලැබෙන වාර්තා වල වැඩිදුරටත් සදහන්ව ඇත්තේ.

Share This