ධීවර සහ නාවුක කටයුතු පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

ධීවර සහ නාවුක කටයුතු පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්.

ඉදිරි පැය 24ක කාලය තුල කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ අතර නිරිතදිග මෝසම් තත්ත්වය සක‍්‍රිය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදීත් දිවයිනට බස්නාහිර සහ දකුණු මුහුදු ප‍්‍රදේශවල විටින් විට හමන තද සුළං තත්වයක් බලාපොරොත්තු විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් දක්වා වැඩිවිය හැකියි.

මෙම මුහුදු ප‍්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ක් හෝ 3.0ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් ද පවතින අතර එම ප‍්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Share This