ධම්මික පෙරේරා ඉල්ලා අස්වෙයි.

ධම්මික පෙරේරා ඉල්ලා අස්වෙයි.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කෙරුණු ධම්මික පෙරේරා මහතා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නා.

ඔහු අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් අවසන් වරට පැවති මාධ්‍ය සාකච්ඡාවේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස විවේචනය කළා.

මෙවැනි පසුබිමක ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට ඇති අකමැත්ත හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

Share This