
දෛනික වැටුප ඉල්ලා මස්කෙළිය වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවක
තමන්ට ලබාදීමට පොරොන්දු වූ රුපියල් දහසක දෛනික දීමනාව ලබා දෙන ලෙස ඉල්ලා මස්කෙළිය වැවිලි සමාගමට අයත් බ්රුන්ස්වික් වතුයායේ කම්කරුවන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා.
ඔවුන් එහිදී සඳහන් කලේ දිවයින පුරා වතු සමාගම් 22 ක් පවතින අතර ඔවුන් සියලු දෙනා සේවකයන්ගේ දෛනික වැටුප වන රුපියල් දහස නියමිත පරිදි ලබාදෙන නමුත් මස්කෙළිය වැවිලි සමාගම පමණක් එම මුදල ලබා නොදෙන බවයි.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ නියමිත වැටුප ලබා නොදෙන්නේ නම් සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ග නිරතවීමට කටයුතු කරන බවයි.