වරාය කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

6

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් සලකා බැලීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

 

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

මෙම පනත් කෙටුම්පත පසුගිය 8 වනදා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය මේ වන විට කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් වී තිබෙනවා.

Your Comments