මෙරටින් තවත් කොවිඩ් මරණ 7ක්.

6

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ කොරෝනා ආසාදනය වීමෙන් තවත් පුද්ගලයන් 7දෙනෙකු මියගොස් ඇති බව යි.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 615ක් ලෙසයි.

මිය ගිය පුද්ගලයින් පස්යාල, රත්නපුර, කලවාන, කල්මුණේ, පේදුරුතුඩුව, තලංගම සහ චාවකච්චේරි ප්‍රදේශ වල පදිංචිකරුවන්.

මේ අතර කොරෝනා ආසාදිතව රෝහල් ගත කර සිටි තවත් පුද්ගලයින් 303 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කල දෛනික දත්ත වාර්තාවේ දැක්වෙන්නේ මේ වන විට පූර්ණ සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව අනු දෙදහස් 611ක් වන බවයි.

තව දුරටත් පුද්ගලයින් 2730 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

Your Comments