මීගලෑව විහාරස්ථානයකට පැමිණි සැක සහිත පුද්ගලයෙකු ගැන පරීක්ෂණ.

6

මීගලෑව රැස්වෙහෙර රජමහා විහාරයට ඊයේ දහවල් කාලයේ ශ්‍රමණ වේශධාරීයෙකු ලෙස පැමිණි පුද්ගලයකු පිළිබඳව මීගලෑව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

ඔහු පිළිබඳ සැක සිතූ රැස්වෙහෙර රජ මහා විහාරස්ථානයේ නායක හිමියන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී කහල්ල රක්ෂිතය දෙසට ඔහු පලා ගොස් තිබෙනවා.

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කහල්ල රක්ෂිතයේ සොයාබැලීම් කළද මේ දක්වා මෙම පුද්ගලයා සොයා ගැනීමට හැකි වී නැහැ.

මොහු අපරාධමය ක්‍රියාවකට සම්බන්ධ හෝ විහාරස්ථානයට පැමිණ යම්කිසි අපරාධයක් සිදු කිරීමට උත්සාහ කල පුද්ගලයෙක් බවටයි සැක කරන්නේ.

මෙම පුද්ගලයා පිළිබඳ යම්කිසි තොරතුරක් දන්නේ නම් මීගලෑව පොලිස් ස්ථානාධිපති, දුරකථන අංක 071 858 12 87 අමතා දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Your Comments