මියන්මාරයේ සිර වූ මෙරට ධීවරයින් නිදහස්.

5

මියන්මාරයේ දී අත්අඩංගුවට පත්වූ මෙරට ධීවරයින් 12 දෙනා අද දින නිදහස්කර ඇති බව වාර්තා වනවා.

 

එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ බව තහවුරු කලා.

පසුගිය ජනවාරි මාසයේ දී ත්‍රිකුණාමල වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය මෙම ධීවරයින් මියන්මාර නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඒ පසුගිය පෙබරවාරි මාසයේ දීයි.

පසුව එරට අධිකරණයක් හමුවට ඉදිරිපත් කළ ධීවරයින් බන්ධනාගාරගත කිරීමට නියෝගකර තිබුණා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජයේ සහ මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අදාළ ධීවරයින් පිරිස මෙලෙස නිදහස් කරගැනීමට හැකිවී ඇති බව සඳහන්.

නිදහස ලැබූ ධීවරයින් මෙරටට රැගෙන ඒම සඳහා පියවර ගනිමින් සිටින බවයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.

Your Comments