නාකොටික් නඩුවේ සැකකරුවන් යලි රිමාන්ඩ්

6

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබූ මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 20 දෙනා ලබන මස 3 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 15 දෙනෙකු ද මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පිරිසට අයත්.

 

Your Comments