දෙවැනි පාසල් වාරය ආරම්භයේ සිසුන්ගේ පැමිණිම යහපත් මට්ටමක

2

දෙවැනි පාසල් වාරය ආරම්භ වීමත් සමග සිසුන්ගේ පැමිණිම යහපත් මට්ටමක පවතින බව සිත නිවුස් 24 වාර්තාකරුවන් සදහන් කලා.

අද පාසල් ආරම්භ කෙරුණේ පසුගිය පාසල් වාරයේ ක්‍රියාත්මක කළ සෞඛ්‍ය නිර්දේශ වලට අනුවයි.
ඒ නව සෞඛ්‍ය නිර්දේශ මෙතෙක් නිකුත් කර නොතිබීම හේතුවෙන්.

පාසල් වලට පැමිණි දෙමාපියන් සහ ගුරුවරුන් කිහිපදෙනෙකු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කලා.

කෙසේ වෙතත් සමස්ත ලංකා පාසල් ලමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා කියා සිටියේ අද දිනයේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් පාසල් වෑන් රථ වල පැමිණි බවයි.

මේ අතර බස්නාහිර පළාතේ පාසල් නිල ඇදුම් නොලැබුණ සිසුන් සදහා මේ සතිය ඇතුලත නිල ඇදුම් ලබා දී අවසන් කරන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහාතා කියා සිටියා.

Your Comments