අත්අඩංගුවට ගත් දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සදුදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට.

6

ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98ක් සොරකම් කිරිමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් දැරණියගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ලබන සදුදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

ඒ පොදු දේපළ පනත යටතේ ඔහු අද අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදියි.

දැරණියගල, කුඹුරුගම ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් සඳහා ගබඩාකර තිබූ ජල මාපක 477ක් ඇතුළු තවත් උපකරණ තොගයක් පසුගිය මාර්තු 30 වනදා කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදාළ ගබඩාවේ ලිපිකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී ජල මාපක 98ක් සැකකාර ප්‍රාදේශිය සභා සභාපතිවරයාගේ නිවසේ තිබි සොයා ගැනුනු අතර ඊට අදාලව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදියි.

මේ ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

 

Your Comments