කොළඹට පැමිණෙන්න විශේෂ දුම්රිය සේවා.

6

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණිමට සදහා අද සහ හෙට දිනයේ විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

 

එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරි වජිර පොල්වත්තගේ මහතා කියා සිටියේ එළඹෙන සදුදා දිනය දක්වා මෙම දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව කොළඹ හා බදුල්ල අතර දුම්රිය 2ක් යාපනය සහ බෙලිඅත්තේ සිට කොළඹ දක්වා අතිරේක දුම්රිය එක බැගින් යොදවා ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර පුරප්පාඩු වී ඇති දුම්රිය සමාන්‍යාධිකාරි තනතුර සදහා සුදුසුකම් ලත් පුද්ගලයකු තොරා පත් කර ගැනීමේ ක්‍රිියාවලිය ඇතැම් වෘත්තීය සමිති කඩාකප්පල් කරන බව දුම්රිය සේවක අයිතීන් උදෙසා සංවිධානය චෝදනා කරනවා.

එහි කැදවුම්කරු සම්පත් රාජිත මහතා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා දුම්රිය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජේ.ජේ. රොබට් මහතා ද එක්ව සිටියා.

Your Comments