කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් 221 දෙනෙකු පූර්ණ සුවය ලබයි.

6

කොරෝනා අසාදිතව රෝහල් ගතව සිටි තවත් පුද්ගලයින් 221 දෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගියා.

 

ඒ අනුව පූර්ණ සුව ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව දැක්වෙන්නේ අනුදෙදහස් 832ක් ලෙසයි.

තවදුරටත් පුද්ගලයින් 2739 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර ඊයේ වාර්තා වු කොරෝනා අසාදිතයින් 237 දෙනා අතුරින් වැඩිම පිරිසක් හදුනාගනු ලැබුවේ කලුතර දිස්ත්‍රිකයෙන්.

එම පිරිස 23ක් බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කලේ.

මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පුදගලයින් 21 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් 21 දෙනෙකු ඊයේ හදුනාගැනුනා.

Your Comments