දේශබන්දු තෙන්නකෝන්ගේ නම පොලිස්පති ධූරයට යෝජනා වෙයි

දේශබන්දු තෙන්නකෝන්ගේ නම පොලිස්පති ධූරයට යෝජනා වෙයි

මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට නියත බව අද දිනයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුණා.

එමගින් සදහන් කළේ ලබන 25 වනදා වත්මන් පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා විශ‍්‍රාම යෑමට නියමිත අතර ඉන් පුරප්පාඩු වන තනතුර සදහා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බවයි.

1998 වර්ෂයේ දී ආධුනික සහකාර පොලිස් අධිකාරි වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා 2019 වර්ෂයේ සිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනවා.

Share This