දේශපාලනයට එන්නේ නෑ !  යොහානි ගුවන් තොටුපළේ දී කියයි

දේශපාලනයට එන්නේ නෑ ! යොහානි ගුවන් තොටුපළේ දී කියයි

ඉන්දිය සංචාරය අවසන් කර යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා අද යලි දිවයිනට පැමිණියා.

ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාව ගැන දැනගෙන සිටියත්, සිංහල භාෂාවක් තියෙනවා කියලා දන්නෙ නැති නිසා, ඒ ජනතාව අහපු නැති භාෂාවකින් මම ගීතයක් ගායනා කළාම , එය අතිශයින්ම ඉන්දියාව පුරා මෙන්ම ලෝකය පුරාමත් ජනප්‍රිය වූ බව ගායිකා යොහානි ද සිල්වා කියා සිටියා.

ඒ ඉන්දියාවේ සති දෙකක පමණ කාළයක් තුළ සංගීත ප්‍රසංග ගනනාවකට සහභාගීවීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අවස්ථාවේදීයි.

එහිදී අදහස් දැක්වූ යොහානි ද සිල්වා

මේ අතර බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් යොහානිට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

එමෙන් ම යොහානි ද සිල්වා ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ‘බිග් බොස්’ වැඩසටහනේ විශේෂ ආරාධිතයා ලෙස ද පසුගිය දා සහභාගී වුණා.

කටුනායක ගුවන් තොටුපළ තුළ දී ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ගුවන් තොටුපළ ආරක්ෂක භටයින් විසින් විශේෂ ආරක්ෂාවක් සළසා දී තිබූ අතර විශේෂ රිය පෙරහැරකින් ඇය කොළඹ බලා ගුවන් තොටුපළේ සිට රැගෙන යාමට පියවර ගෙන තිබුනා.

Share This