දුරකථන ග්‍රාහකයින්ට පණිවිඩයක්

දුරකථන ග්‍රාහකයින්ට පණිවිඩයක්

දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ සේවාව සදහා නීතිමය අනුමැතිය හිමිවී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද පෙරවරුවේ මාධ්‍ය හමුවේදීයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව සියලු‍ම දුරකථන ග්‍රාහකයන්ට එම අවස්ථාව හිමිවනු ඇති.

එමෙන්ම දුරකතන සංඥා ගැටලු‍ මඟ හැරීම සඳහා ෆෝ ජී තාක්ෂණය ලබාදීම වෙනුවෙන් කුළුණු ඉදිකිරීම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කර ඇති අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ එවැනි කුළුණු 35ක් ඉදිකරමින් පවතින බවයි ඕෂධ සේනානායක මහතා සදහන් කළේ.

Share This