දුමින්ද සිල්වාට ලබාදුන් මරණ දඬුවමට එරෙහිව ගොණු කළ පෙත්සම් විභාගය කල් යයි

දුමින්ද සිල්වාට ලබාදුන් මරණ දඬුවමට එරෙහිව ගොණු කළ පෙත්සම් විභාගය කල් යයි

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් පුද්ගල ඝාතන නඩුවේ 11 වන විත්තිකාර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියමකොට තිබිය දී ජනාධිපති පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ලබන නොවැම්බර් මස 17 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා.

ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ගොනුකර ඇති මෙම පෙත්සම් එස්. තුරෙයිරාජා මහතා ප‍්‍රමුඛ ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදීයි.

මීට පෙර නඩු වාරයකදී දුමින්ද සිල්වා මහතාට ලබා දී තිබු ජනාධිපති සමාව ක‍්‍රියාත්මක කිරීම වළකාලමින් අධිකරණය මඟින් අතුරු නියෝගයක් ද නිකුත් කර ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පෙත්සම් විභාගය පැවැත්වීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබුණා.

Share This