දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනය අතහරී

දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනය අතහරී

අද දිනයේ නැවත ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, දුම්රිය සේවය යළි යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඊයේ දිනයේ ඔවුන් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය එදිනම මධ්‍යම රාත්‍රී 12ට අත්හැර දැමීමට ඔවුන් පියවර ගෙන තිබුණා.

එහෙත්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමත් සමඟ අද දිනයේ සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමටයි ඔවුන් තීරණය කළේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙරේදා දිනයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර මෙලෙස හදිසි වෘතීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීම සම්බන්ධයෙන් මගී ජනතාවද දැඩි ලෙස චෝදනා එල්ල කළා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි රාජකාරි වලින් ඉවත්වීම හමුවේ තෛපොංගල් උත්සවයද යෙදී ඇති අද දිනයේ මගීන් පත්වුණේ දැඩි අපහසුතාවයකටයි.

Share This