දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයේ.

දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයේ.

දුම්රිය ස්ථානාධිපති සංගමය යළි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් දුම්රිය ස්ථානාධිපති සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කර ඇති බව පවසමින්.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙරේදා දිනයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අවසන් කර පැය කිහිපයක් ගතවීමට පෙර මෙලෙස හදිසි වෘතීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීම සම්බන්ධයෙන් මගී ජනතාව දැඩි ලෙස චෝදනා එල්ල කළා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දහවල් යළි රාජකාරි වලින් ඉවත්වීම හමුවේ තෛපොංගල් උත්සවයද යෙදී ඇති අද දිනයේ මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

Share This