
දුම්රියක දරුවෙකු අතහැර දමා ගිය යුවළට ඇප
දුම්රියක දරුවෙකු අතහැර දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ ඇපමත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අදාළ නඩුව අද කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේදීයි.
එහිදී දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥන් අධිකරණයට දැනුම්දී ඇත්තේ ඇප ලැබීමෙන් අනතුරුව අද දිනය තුළදී ඔවුන් දෙදෙනා විවාහ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි.
අනතුරුව බණ්ඩාරවෙල පරිවාස නිලධාරී විසින් සිදුකළ ඉල්ලීමකට අනුව දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සලකා බලමින් අධිකරණය විසින් දරුවාව නැවත එම මව්පියන් වෙත භාරදෙන ලෙසට ද අධිකරණය නියෝග කර තිබෙනවා.
එමෙන්ම සැකකාර මව්පිය යුවළගේ මව්පියන් වෙත අධිකරණය නියෝග කර ඇත්තේ දරුවාගේ පෝෂණ අවශ්‍යතා සහ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.