දිස්ත්‍රික්ක 7 කට නායයෑමේ අනතුරු ඇඟවීම්.

දිස්ත්‍රික්ක 7 කට නායයෑමේ අනතුරු ඇඟවීම්.

දිස්ත්‍රික්ක 7 කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහනුවර, මාතලේ, කුරුණැගල සහ රත්නපුර දිස්ත්‍රික්ක ආශ්‍රිතව අවදානම් අංක දෙක යටතේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිළි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

නුවරඑළිය සහ කලුතර දිස්ත්‍රික්ක මෙන්ම පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටද නායයෑම් අනතුරු ඇඟවීම බලාත්මකයි.

මේ අතර පළාත් 6 කට මිලි මීටර් සියයට වැඩි තද වැසි ඇති විය හැකි බව දක්වමින් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට තද වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇති.

Share This