දිවි ගමනට සමු දුන් රොක් ඇන්ඩ් රෝල් රැජින[PHOTOS]

දිවි ගමනට සමු දුන් රොක් ඇන්ඩ් රෝල් රැජින[PHOTOS]

“රොක් ඇන්ඩ් රෝල් රැජින” ලෙසින් ලෝකප්‍රකට වූ ටීනා ටර්නර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ස්විස්ටර්ලන්තයේ ජීවත් වූ ඇය දිගු කලක් සෞඛ්‍ය ගැටළු කිහිපයකට මුහුණ දී සිටි බවයි වාර්තා වී තිබෙන්නේ.

1957 සිට දශක හතක් පුරාවට ගායන ක්ෂේත්‍රය තුළ කීර්තියක් අත් කරගෙන සිටි ඇය මියයන විට 83 හැවිරිදි වියේ පසු වුණා.

‘The Best’, ‘What’s Love Got To Do With It’, ‘Let’s stay together’, ‘Steamy windows’ සහ ‘Private dancer’ යන ගීත ඇය ගායනා කල ජනප්‍රිය ගීත ගොන්න අතරට ඇතුළත් වී තිබෙනවා.

තවද සංගීත ක්ෂේත්‍රය තුළ සුවිශාල වැඩ කොටසක් සිදු කළ ඇයට ග්‍රැමී සම්මාන දොළහක් සහ තවත් සම්මාන රාශියක් දිනා ගැනීමට හැකි වුණා.

Share This