
දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 61ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කෙරේ
ඩෙංගු මර්දන දෙසතියට සමගාමීව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී මදුරු කීටයන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයින් 307 දෙනෙකුට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන ඇති කොළඹ මහ නගර සභාව පවසනවා.
එහි ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, එහිදී රතු නිවේදන 877 නිකුත් කර ඇති බවයි.
කොළඹ නගරය තුළ විශේෂ ඩෙංගු මර්දන දෙසතියක් ප‍්‍රකාශයට පත් කෙරුණේ මැයි 12 වදා සිට මැයි මස 26 වන දින දක්වායි.
මේවන විට කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිවෙස් 26 දහස් 33ක් පරීක්ෂා කර ඇති අතර එයින් 3 දහස් 505ක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව වෛද්‍ය රුවන් විජයමුණි මහතා සදහන් කළා.
මේ අතර දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 61ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා කියා සිටියේ ඉන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 15ක් පසුගිය දිනවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්වන බවයි.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36 දහස් 560 ක්.
සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 50කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇත්තේ, බස්නාහිර පළාතෙන් වන අතර ගම්පහ දිස්ත‍්‍රික්කයේ රෝගීන් 8200ක් සහ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් රෝගීන් 7600ක් හඳුනාගෙන තිබෙනවා.
සමස්ත රෝගීන්ගෙන් සියයට 25 ක ප‍්‍රමාණයක් වයස අවුරුදු 5 ත් – 19 ත් අතර වන බව විශේෂඥ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් සදහන් කළා.