දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අදත් වැසි

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අදත් වැසි

සබරගමුව පළාතෙත්, නුවරඑලිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ඉක්මවිය හැකියි.

පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාළගුණ විද්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලේ.

Share This