දිල්ලියේ ගින්නකින් 27 ක් මරුට

දිල්ලියේ ගින්නකින් 27 ක් මරුට

ඉන්දියාවේ දිල්ලි නුවර සිව් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පොලීසිය සැක පළ කරන්නේ එම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

ගින්නෙන් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර පුද්ගලයින් 70 ක පමණ පිරිසක් ගොඩනැගිල්ලෙන් මුදාගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 20 ක් ද යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජීවිතක්ෂයට පත් වූ පිරිසට සිය ශෝකය ප්‍රකාශ කරමින් හා තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

අගමැතිවරයා එම පණිවුඩයේ දක්වා ඇත්තේ ගින්නෙන් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 2ක වන්දි මුදලක් ලබාදෙන අතර ගින්නෙන් තුවාල ලැබූ එක් අයෙකුට රුපියල් 50,000ක් ලබා දෙන බවයි.

Share This