දින නියමයක් නොමැතිව ලෙබනනයේ බැංකු වසා දැමේ

දින නියමයක් නොමැතිව ලෙබනනයේ බැංකු වසා දැමේ

දින නියමයක් නොමැතිව ලෙබනනයේ බැංකු සියල්ල වසා තැබීමට පියවර ගන්නා බව එරට බැංකු සංගමය නිවේදනය කර තිබෙනවා.

ඒ, එරට බැංකුවල ආරක්‍ෂාව තහවුරු කිරීමට එරට රජයට නොහැකි වීම හේතුවෙන්.

ලෙබනන් බැංකු සංගමය නිවේදනය කලේ පසුගිය සතියේ ඉතුරුම් සඳහා ප්‍රවේශය ඉල්ලා ගනුදෙනුකරුවන් විසින් බැංකු ඉලක්ක කර ගෙන වැටලීම් මාලාවක් කිරීමත් සමඟම දින නියමයක් නොමැතිව ලෙබනනයේ පුරා පිහිටි සියලු බැංකු වසා තබන බවයි.

මොවුන් විසින් මෙම පියවර ගෙන ඇත්තේ බැංකු ගනුදෙනු කිරීමේ දී තම සේවකයින් වඩාත් අවදානමකට ලක් විය හැකි බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා බවයි එම නිවේදනයෙන් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඉකුත් සතියේ සෙල්ලම් තුවක්කුවක් අතැතිව කාන්තාවක් පවුලේ වෛද්‍ය බිල්පත් ගෙවීම සඳහා ලෙබනන් බැංකුවට කඩා වැදී එහි සේවකයින් බියගන්නා ඩොලර් 13,000 ක් රැගෙන ගොස් තිබුණා.

Share This