
දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගැනීමේ කටයුතු ඇරඹෙයි
ජනශත්කි රක්ෂණ සමාගමේ හිටපු සභාපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඔහුගේ මරණයට හේතුව අනාවරණ කර ගැනීම සඳහා දේහය ගොඩ ගැනීමට අවශ්‍ය බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් පසුගියදා ඉල්ලීමක් කරනු ලැබුවා.
ඒ අනුව දේහය ගොඩගැනීම සඳහා මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබා දුන් අවසරය අනුව මෙලෙස දේහය ගොඩ ගන්නා අතර එම ස්ථානය අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.