දිනේෂ්ට අම්මිගෙන් ලැබුන ආදරේ…

දිනේෂ්ට අම්මිගෙන් ලැබුන ආදරේ…

දිනේෂ් තරංග බොහෝ දෙනෙක් අඳුන ගත්තේ “මා ඔබට පෙම් කළේ” ගීතයෙන්.

සමාජ මාධ්‍ය තුළ ඔහු ගැන වැඩිපුර කතාබහක් ඇතිවුණේ, ඔහුගේ විවාහය සමගයි. තම ආදරණීය බිරිඳ ගැන නොයෙකුත් විවේචන ආවත් ඒ හැම විවේචනයක්ම “ආශිර්වාදයක්” කරගත්ත මේ යුවළ අදටත් මහ ගොඩක් ආදරේ බෙදා හදා ගන්නවා.

ඉතින් පසුගිය දවසක දිනේෂ්ට ආදරණීය බිරිඳගෙන් අපූරූ තෑග්ගක් ලැබිලා තිබුණා.

දිනේෂ් මුහුණු පොතට එක් කළ සටහනයි මේ..

නැතිදා ඇතිදා… නොලැබුණදා ලැබෙන දා… කියලා ඔයාගේ වෙනසක් කවදාවත් තිබුණේ නෑ. ඒ හැමදාම ඔයාට ඕන වුනේ මම ආස කරන දේ මට දෙන්න. ඔයාට “අම්මි” කියනවට විවේචන කොයි තරම් තිබුනත් මම අදටත් මගේ නෝනා උන ඔයාට “අම්මි” කියන්නේ අන්න ඒ නිසාමයි.

Share This