දිගු කලක් නිහඩව සිටි උමාලි තිලකරත්න තැබූ සටහන.

දිගු කලක් නිහඩව සිටි උමාලි තිලකරත්න තැබූ සටහන.

උමාලි තිලකරත්න මෙරට රංගන ක්ෂේත්‍රය තුල සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිණියක්.

උමාලි කාලයක් රංගන ක්ෂේත්‍රය තුල දක්නට හිටියේ නෑ.

ඇගේ වෘත්තීය ජීවිතය නැත්තං රංගනය පිළිබඳව කතා කරනකොට ඇය සෑම නිර්මාණයක්ම බදාගෙන කරන රංගන ශිල්පිනියක් නෙවෙයි.

හොඳ, චරිත තුළින් ඇය සීමිත නාට්‍ය ප්‍රමාණයකට පමණයි රංගන දායකත්වය ලබා දෙන්නේ.

නමුත් ඒ සීමිත නාට්‍ය ප්‍රමාණය ඇතුලේ ඇය ප්‍රේක්ෂකයන්ට දැනෙන සහ සම්මානයට බඳුන් විය හැකි චරිත නිරූපණය කරනවා.


විවාහයෙන් වෙන්වීමත් සමග ඇය ඉතාමත් නිහඩව තනිවම ජීවිතය ගත කරා කියලයි දැනගන්න ලැබෙන්නේ.

ඇය මුහුණු පොතේ තැබූ සටහනක් ගැන හැමෝගෙම අවධානය මේ දිනවල යොමුවෙලා තිබෙනවා.

විශේෂයෙන්ම කාලයක් පුරාවට නිහඩව සිටි ඇය මෙලෙස තැබූ සටහන ගැන සමාජ මාධ්‍ය වල වැඩි ඉඩක් වෙන්වෙලා තිබුණා.

ඇය එලෙසින් සටහන් කර තිබුනේ.
බුදුන්වහන්සේ නින්දා ප්‍රශංසා සහ විවේචන බැහැර කළා මෙන් කම්පාවට පත් නොවුණු බවයි.


බුදුන් වහන්සේ ලෞකික අදහස්, ප්‍රශංසා, විවේචන බැහැර කළ සේක.

මිනිසුන් ඔහුට ප්‍රශංසා කරන විට හෝ විවේචනය කරන විට උන්වහන්සේ එය පිළිගත්තේ එය කුමක්ද යන්නයි.

මේ කාරණා දෙක සරලවම ලෞකික තත්වයන් වන බැවින් උන්වහන්සේ ඒවායින් කම්පා නොවීය.

ඇයි නැත්තේ උන්වහන්සේ දුක දැන සිටි නිසා.

යමෙක් ඒ ප්‍රශංසාව හෝ විවේචනය විශ්වාස කරන්නේ නම් ඔවුන් දුක් විඳීමට හේතු වන බව උන්වහන්සේ දැන සිටියේය.

ඇය මෙවැනි අදහසක් මුහුණු පොතේ සඳහන් කරන්නට හේතු කාරණාව කුමක්ද කියලා දන්නේ නැහැ.

නමුත් මෙම කාරණාව පිටිපස්සේ යම් දෙයක් සැඟව තිබෙන්නටත් පුළුවන්.

තවමත් ඇය තනිකඩ ජීවිතයක් ගතකරන්නේ.

විවාහයක් පිළිබඳව හෝ පෙම්වතෙක් පිළිබඳව කිසිදු කාරණාවක් සමාජ මාධ්‍ය ජාලාවල ඇය සදහන්කර නැහැ.

Share This