දහම් පාසල් ගුරු විභාගය සඳහා අයදුම්පත් කැඳවයි.

දහම් පාසල් ගුරු විභාගය සඳහා අයදුම්පත් කැඳවයි.

දහම් පාසල් ගුරු සහතිකපත‍්‍ර විභාගය සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 15 වැනිදා බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර තිබෙනවා.

කොවිඩි වසංගතය හේතුවෙන් 2021 හා 2022 වර්ෂවල අදාළ විභාගය පැවැත්වීමට නොහැකි වූ බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ඒ අනුව එම වර්ෂවල අයදුම්කළ සියලූ‍ දහම් පාසල් ගුරුවරුන් ද 2023 වර්ෂය සඳහා නැවත අයදුම්පත් යොමුකළ යුතු බව සඳහන්.

මේ පිළිබඳ සියලූ‍ තොරතුරු හා අයදුම්පත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි අතර අදාළ විභාගය එළඹෙන ජුනි මස 17 වැනිදා දිවයින පුරා මධ්‍යස්ථාන 25 කදී පැවැත්වීමට නියමිතයි.

Share This