දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැන්න මවත් මියයයි.

දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැන්න මවත් මියයයි.

සිය දරුවන් දෙදෙනා සමග අද (01) දහවල් ඇඹිලිපිටිය – චන්ද්‍රිකා වැවට පැන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ මවද මියගොස් තිබෙනවා.

ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මව මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

35 හැවිරිදි මව එලෙස චන්ද්‍රිකා වැවට පැන ඇත්තේ සිය 5 හැවිරිදි දියණිය සහ 11 හැවිරිදි දරුවා සමගයි.

සිද්ධියෙන් පස් හැවිරිදි දියණිය ද ජිවිතක්ෂයට පත් වුණා.

චන්ද්‍රිකා වැව ආසන්නයේ සිටි පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් සිද්ධිය දැක වහා ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

Share This