දරුවන්ගේ එන්නත්කරණය ගැන තීරණය අද.

දරුවන්ගේ එන්නත්කරණය ගැන තීරණය අද.

පාසල් ළමුන් එන්නත්කරණය සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු තීරණයකට එළඹීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

වයස අවුරුදු 12 සිට 18 දක්වා සහ පෙරපාසල සිට 6 ශ්‍රේණිය දක්වා යන මත දෙකක් පැමිණ තිබෙන බවත් අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ඒ පිළිබඳ තීරණයකට එන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දැනට එන්නත් වර්ග 5ක් මෙරට තුළ භාවිතයට ගැනෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව ඊයේ දිනය වනවිට මෙරට එන්නත්කරණය සම්පූර්ණ කළ මුළු පුද්ගලයන් සංඛ්‍යාව එක්කෝටි හයලක්ෂ 72,627 ක්.

Share This