දකුණු දිග චීනයට ගංවතුර – ලක්ෂ ගණනක පිරිසක් අවතැන්

දකුණු දිග චීනයට ගංවතුර – ලක්ෂ ගණනක පිරිසක් අවතැන්

චීනයේ, දකුණු දිග ප්‍රදේශයට බලපා ඇති ගංවතුර හේතුවෙන් අවතැන් වූ ලක්ෂ ගණනක පිරිසක් ඉවත් කර තිබෙනවා.

දින ගණනාවක් මුළුල්ලේ නොනැවතී ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එරට ගංවතුර හා නායයෑම් බොහෝ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 50 කට පසු එරටට බල පෑ ඉහළම ගංවතුර මට්ටම මෙය බව එරට බලධාරීන් පවසා තිබෙනවා.

1961 වසරෙන් පසු දකුණු දිග චීනයට ලැබුණු වැඩිම වර්ෂාපතනය ද මෙය බව සඳහන්.

එරට දිස්ත්‍රික් 9 ක පුද්ගලයින් හාරලක්ෂ අසූ පන්දහසක් පීඩාවට පත්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

Share This