දකුණු කොරියාවට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තරඟ බිමට

දකුණු කොරියාවට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම තරඟ බිමට

ලෝක කුසලාන පා පන්දු තරගාවලියේ – ආසියානු කලාප දෙවැනි වටයේ තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු කොරියාව අතර අද පැවැත්වෙනවා.
සෝල් නුවරදී තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් පස්වරු 1 යි 30 ටයි.
මැද පෙළ ක්‍රීඩක චරිත් බණ්ඩාර සේනානායකට අද තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිව තිබෙනවා.
ඒ ලෙබනනයට එරෙහිව පැවැති තරගයේදී විනිසුරු වෙතින් දැඩි අවවාද ලබා පිට පිටම ජාත්‍යන්තර තරග දෙකකදී කහ කාඩ් පත ලබා සිටීම හේතුවෙන්.
දකුණු කොරියාව සමග මෙම තරග වටයේ පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව දකුණු කොරියාව හමුවේ ගෝල 8 ට බින්දුවක් ලෙස පරාජයට පක් වුණා.
1986 සිට මේ දක්වා ලෝක කුසලාන කුසලාන තරගාවලියේ හොඳම කණ්ඩායම් 32 යටතේ අඛණ්ඩව ක්‍රීඩා කරන දකුණු කොරියාව, ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පාපන්දු තරගාවලියට ද සුදුසුකම් ලබා සිටිනවා.
ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 204 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට ආසියා කලාපයේ හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.ආසියාවේ තෙවැනි ස්ථානයේ පසුවන දකුණු කොරියානු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 37 වැනි ස්ථානයේ පසුවනවා.
ලෝක කුසලාන ඉදිරි තරග වටයට පිවිසීම සඳහා එච් කාණ්ඩයෙන් දකුණු කොරියාව හා සම ප්‍රසාද ලකුණු 10ක් බැගින් ලබා දෙවැනි ස්ථානයේ පසුවන්නේ ලෙබනනයි.
තරග හතරකදී මෙතෙක් කිසිදු ගෝලයන් ලබා නොදී ප්‍රතිවාදීන්ට එරෙහිව ගෝල 15ක් රැස් කරගනිමින් ඉදිරියෙන් පසුවීමට දකුණු කොරියාව සමත්ව සිටිනවා.

Share This