දකුණු ඉන්දියානු  නඵ විජෙයි දෙමව්පියන්ට  නඩු දායි

දකුණු ඉන්දියානු නඵ විජෙයි දෙමව්පියන්ට නඩු දායි

දකුණු ඉන්දියානු ජනප්‍රිය නඵ විජෙයි ඔබ කවුරුත් හදුනන කෙනෙක්.

විජෙයි පසුගිය දිනක සිය දෙමව්පියන් ඇතු`ඵ 11 දෙනෙකුට එරෙහිව සිවිල් අධිකරණය හමුවේ නඩු පවරලා තිබෙනවා.

විජෙයිගේ පියා එරට ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන චන්ද්‍රසේකර්.

විජෙයිගේ මව ශෝබායි.

විජෙයි අධිකරණයෙන් ඉල්ලලා තියෙන්නේ තමන්ගේ නම භාවිතා කරලා කිසිවෙකුටත් මහජන ඒකරාශි කිරීම් සහ උත්සව සංවිධාන කිරීමට අවසර නොදෙන්න කියලා.

විජෙයි මෙම නඩුව ඔවුන්ට පවරලා තියෙන්නේ, තමනගේ පියා විජෙයි දේශපාලනයට උනන්දුවක් දක්වන බව කියාසිටීමත්, පසුව ඔහු විසින් තමන්ගේ නම පාවිච්චි කරලා දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමත් නිසයි.

මෙතන තියන අපූරුම කාරණය තමයි විජෙයිගේ පියා චන්ද්‍රසේකර් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙෂ සිය බිරිඳ ශෝබා නම් කරලා පක්ෂයේ සභාපති විදිහට ඔහුගේ ඥාතියෙකු වන පද්මනාදන් පත් කිරීම.

නිවේදනයක් නිකුත් කරමින් විජෙයි සඳහන් කළේ කිසිදු දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට තමන් අවසර නොදුනන් බවත් තමන්ගේ නම යොදා ගැනීම අත්හිටුවීම සඳහා නඩු පවරන බවයි.

මෙම නඩුව විභාගයට ගන්න තියෙන්නේ සැප්තැම්බර් 27 වනදායි.

Share This