දකුණු ආසියාවේ විශාලම වකුගඩු රෝහල අද ජනතා අයිතියට

දකුණු ආසියාවේ විශාලම වකුගඩු රෝහල අද ජනතා අයිතියට

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල හෙවත් ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද ජනතා අයිතියට පත් කෙරෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
2015 වසරේ කළ චීන සංචාරයේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමකට අනුව එරට රජය විසින් එම පරිත්‍යාගය සිදු කර තිබෙනවා.
රුපියල් කෝටි 1200 ක වියදමින් පොළොන්නරුවේ ඉදිකර ඇති මෙම රෝහල ඇඳන් 200කින් සමන්විතයි.
රුධිර කාන්දුකරන ඇඳන් 100ක් අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් මෙම රෝහල සමන්විත වනවා.
නවීන තාක්ෂණයෙන් යුත් බාහිර හා නේවාසික ප්‍රතිකාර ඒකක සහිතව ඉදිකල මෙම රෝහලේ කාර්ය මණ්ඩලයට අංග සම්පූර්ණ නේවාසික පහසුකම් ද සහිතයි.

Share This