දකුණු ආසියානු වාර්තාවක් සමඟින් යුපුන් මීටර සියය ලෝක ශූරතා අවසන් තරඟයට [VIDEO]

දකුණු ආසියානු වාර්තාවක් සමඟින් යුපුන් මීටර සියය ලෝක ශූරතා අවසන් තරඟයට [VIDEO]

ලෝක ශූරතා මළල ක‍්‍රිඩා තරඟාවලියේ මීටර සියය තරඟ ඉසව්වට සුදුසකම් ලබාගැනීමට යුපුන් අබේකෝන් සමත් වුණා.

ඒ, එම ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ පළමු දකුණු ආසියානු ක‍්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වෙමින්.

ස්විස්ටර්ලන්තයේ ස්ටොක්හෝම් නුවර පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියට සහභාගී වූ කෙටි දුර ශූර යුපුන් අබේකෝන් එහි මීටර් 100 තරඟය සිව්වැන්නා ලෙස අවසන් කළා.

ඒ, තත්පර 10 යි දශම 2 යි 1 ක කාලයක් ලබාගනිමින්.

මෙම තරඟයේ පළමු ස්ථානය තත්පර 10.02ක කාලයකින් ඉසව්ව අවසන් කළ දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩක අකානි සිම්බයින් විසින් හිමිකරගනු ලැබුවා.

එම තරඟයේ දෙවැනි ස්ථානය බි‍්‍රතාන්‍යයේ රීස් ප්‍රෙස්කෝඞ් දිනා ගනු ලැබූවේ තත්පර 10 යි දශම 1 යි 5 ක කාලයක් වාර්තා කරමින්.

මීටර් 100 ඉසව්වෙහි දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන යුපුන්ගේ පෞද්ගලික හොඳම කාලය තත්පර 10.06ක්

මෙම තරඟ වාරයේ දී ඔහු දැක්වූ කැපී පෙනෙන දස්කම් හේතුවෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 42 වන්නා බවට පත් වෙමින් ලෝක මළල ක‍්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබාගැනීමට යුපුන් අබේකෝන්ට හැකි වීම විශේෂත්වයක්.

Share This