දකුණු අප්‍රිකා සංචාරයේ ඉන්දීය සංචිතය නම් කෙරේ

දකුණු අප්‍රිකා සංචාරයේ ඉන්දීය සංචිතය නම් කෙරේ

දකුණු අප්‍රිකාව සමග ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම්කර තිබෙනවා.

ලෝකේෂ් රාහුල්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත්.

නවක ක්‍රීඩකයින් වන ජයන්ට් යාදව් සහ නව්දීප් සිං ද ඉන්දීය සංචිතයට ඇතුළත් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ජස්ප්‍රිට් බුම්රා උප නායකත්වය දරන මෙම තරඟාවලිය එළඹෙන 19 වන දා සිට 23 වනදා දක්වා පැවැත්වෙන්නේ දකුනු අප්‍රිකාවේදියි.

Share This