
ත‍්‍රිකුණාමලය ඩිපෝ සේවකයින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක
ඩිපෝ කළමනාකාරවරයාට විරෝධය පළ කරමින් ත‍්‍රිකුණාමලය ලංගම ඩිපෝවේ සේවකයන් අද උදෑසන සිට වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ඒ කළමනාකාරවරයාගේ පරිපාලනයේ පවතින දුර්වලතා හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බවට පවසමින්.
වර්ජනය හේතුවෙන් ලංගම බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවයි සිත නිව්ස් 24 වාර්තාකරු කියා සිටියේ.