තේ වගාවටත් යූරියා පොහොර

තේ වගාවටත් යූරියා පොහොර


තේ වගාව සඳහා යූරියා පොහොර මෙටි‍්‍රක් ටොන් 15 දහසක් ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා ඊයේ දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොස් යුරියා පොහොර බෙදා දීම හා ඊට අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවයන් පිළිබඳ සාකච්ඡා කරමින් තම රාජකාරී කටයුතු යලි ආරම්භ කර තිබුණා.

වැවිළි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ඉන්දීය ණය යෝජනා ක‍්‍රමයක් යටතේ ලබා දෙන ලද යුරියා පොහොර මෙටි‍්‍රක් ටොන් 65,000න් මෙටි‍්‍රක් ටොන් 15,000ක් තේ වගාව සඳහා ලබා දීමට රජය තීරණය කළ බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

එමෙන්ම ඉන්ධන නිකුත් කිරීමේ දී ආහාර නිෂ්පාදනයට අවශ්‍ය වන ඉන්ධන ලබා දීමට ප‍්‍රමුඛත්වය ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන් බව ද මහින්ද අමරවීර මහතා එහිදී කියා සිටියා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව ජනාධිපතිවරයාට වැඩ කිරීම සඳහා සාධාරණ කාලයක් ලබා දිය යුතු බවයි.

TAGS
Share This