තෙවන මාත්‍රාවක් අවශ්‍යනම් කඩිනමින් ගෙන්වන්න -ජනපතිගෙන් උපදෙස්

තෙවන මාත්‍රාවක් අවශ්‍යනම් කඩිනමින් ගෙන්වන්න -ජනපතිගෙන් උපදෙස්

ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය කඩිනමින් ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ලොව ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක් තුන්වන මාත්‍රාව සඳහා වන එන්නත් මේ වන විටත් ඇණවුම් කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවන මාත්‍රාව ලබාදීම සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමට ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක් වෙමින්.

Share This