
තෙවන කාර්තුවේදී ආර්ථිකයේ ක්ෂේත‍්‍ර කිහිපයක පසුබෑමක්
මෙම වසරේ තෙවැනි කාර්තුවේ දී ශ‍්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය 11.8 % කින් හැකිලී ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා පවසනවා.
කෙසේ වෙතත් මෙම වසරේ දෙවැනි කාර්තුවේ දී දල දේශීය නිෂ්පාදිතය 8.4 % කින් හැකිලී තිබූ බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවල සදහන්.
එමෙන්ම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසයට අදාළ ජාතික දරිද්‍රතා මට්ටම ද ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.
එම ප‍්‍රකාශයට අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රුපියල් 13,810 ක් වන අතර එය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවතියේ රුපියල් 13,772 ක් ලෙසයි.
දිස්ත‍්‍රික්ක පදනම අනුව සිය මූලික අවශතා සපුරා ගැනීමට වැඩිම වියදමක් දැරීමට සිදුවන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාවට වන අතර එම අගය රුපියල් 14,894 ක්.
එම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා අඩුම පිරිවැයක් දැරීමට සිදුව ඇත්තේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ වන අතර එය රුපියල් 13,204 ක් බව එම වාර්තාවේ සඳහන්.