තිස්සමහාරාම – කතරගම මාර්ගයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

තිස්සමහාරාම – කතරගම මාර්ගයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

තිස්සමහාරාම – කතරගම ප‍්‍රධාන මාර්ගයේ කොහොඹගහපැළැස්ස ප‍්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ ත‍්‍රිරෝද රථයක් මාර්ගයේ සිටි මී ගවයෙකුගේ ගැටී ලිස්සාගොස් බස් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරට ලක්වූ ත‍්‍රිරෝද රථය මාර්ගය හරහා ගමන් කරමින් සිටි ගවයන්ගේ හිමිකරුට අයත් රථයක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුර සිදුවන අවස්ථාවේදී ත‍්‍රිරෝද රථයෙන් කිරි හට්ටි ප‍්‍රවාහනය කරමින් සිට ඇති බව සදහන්.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අසේල ඉන්ද්‍රජිත් නැමැති 47 හැවිරිදි දෙදරු පියෙකු වන අතර ඒ සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු තිස්සමහාරාම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This